හින්දි නිළියක් වගේ සුරූපී ඉෂංකා ෂාරුක් එක්ක අලුත්ම වැඩක

ෂාරුක් ඛාන්ගෙ පෙනුමට යම් යම් සමානකම් තියෙන බොහෝ දෙනෙක් කාලෙන් කාලෙට ලෝකෙ විවිධ තැන්වලින් මතුවුණත් ඒ කිසිම කෙනෙකුට ෂාරුක් ඛාන් කියන දැවැන්තයාගේ රෝම කූපයක් තරම්වවත් වෙන්න ලැබුණෙ නෑ. පකිස්තානයේ ෂාරුක් ඛාන් ඉන්දියාවේ ලෝකල් ෂාරුක් ඛාන් වගේ තව බොහෝ අය මේ ලැයිස්තුවේ හිටියා.

රජීන්ද්‍ර ලක්ෂාන් එහි අලුත්ම පුරුකක් විදියට එක පාරට මතුවුණේ TikTok වේදිකාවෙන්. ලක්ෂාන් එයාගෙ Tiktok ගිණුමෙන් ෂාරුක්ගෙ ජනප්‍රිය චිත්‍රපට ජවනිකා අනුකරණය කරන්නෙක්. ඔහු අඳින විදියට අඳින, හිනාවෙන විදියට හිනාවෙන, අත් විසිකරන තාලෙට විසිකරන, ඒ බැල්මෙන් බලන්න උත්සහ කරන තරුණයෙක්. ඔහු කොයි තරම් සාර්ථකව මේ දේ කරා ද කියනව නම් ඔහුගේ TikTok ගිණුමට අනුගාමිකයන් දහස් ගණනින් එකතු වෙමින් ඉන්නව.

ඔහුගේ අපූරු ෆොටෝ ෂූට් එකක් මේ වෙනකොට හැමෝම හොයන්න පටන් අරන්. හින්දි නිළියකට සමාන රූපයක් කිව්වම මතකෙට එන මේ දිනවල ගොඩක් ජනප්‍රිය ඉෂංකා අබේසේකර එකතු කරගෙන කරපු මේ සේයා රූගත කිරීමේ දී ලක්ෂාන්, ෂාරුක් ඛාන්ට සාධාරණයක් කරන්න හොඳ උත්සහයක් අරන් තියෙන බව කියන්නම ඕන.

Latest News

More like this

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...