“අපගේ හඬ දිගටම පවතිනු ඇත” සිය මාධ්‍යවේදියාගේ පවුලම ඝාතනය කෙරුණු ඊශ්‍රායලයේ ප්‍රහාරය Al Jaseera හෙළා දකී

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ සිය වාර්තාකරුගේ බිරිඳ, පුත්‍රයා සහ දියණිය මිය ගිය බව Al Jaseera පුවත් ඒජන්සිය පවසයි.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගිය බවයි.

මෙම ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායල හමුදාවෙන් ක්ෂණික ප්‍රකාශයක් නොකෙරුණු අතර, Al Jaseera ජාලය පැවසුවේ ගාසා තීරය ගොඩබිමෙන් ආක්‍රමණයක් සැලසුම් කරන අතරතුර වහාම ඉවත් වෙන ලෙස ඊශ්‍රායලය කළ දැනුම් දීමෙන් පසු Wael al-Dahdouh ගේ පවුල එම ප්‍රදේශයට පලා ගොස් සිටි බවයි.

ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ මුල් බෝම්බ ප්‍රහාරයෙන් අවතැන් වීමෙන් පසු ඔවුන් රැකවරණය පතා සිටි ගාසා නගර මධ්‍යයේ පිහිටි Nuseirat කඳවුර ප්‍රහාරයේ ඉල්ලකය වී තිබිණි.

අල් ජසීරා පැවසුවේ Dahdouh පවුලේ අනෙකුත් සාමාජිකයින් සුන්බුන් යට වැළලී ඇති බවයි. පවුලේ සාමාජිකයන් අප්‍රාණිකව රෝහල්ගතව සිටිනු දුටු Dahdouh හඬා වැටෙන සජීවී දර්ශන ජාලය විකාශය කළේය.

“ගාසා තීරයේ අහිංසක සිවිල් වැසියන් අසීමිත ලෙස ඉලක්ක කර මරා දැමීම Al Jaseera මාධ්‍ය ජාලය දැඩි ලෙස හෙළා දැක තිබේ. එය Wael Al-Dahdouh ගේ පවුල සහ තවත් ගණන් කළ නොහැකි අය අහිමි කිරීමට හේතු වී ඇතැයි ඔවුන් පවසයි.

Latest News

More like this

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...
error: Content is protected !!