අපේ අම්මගෙන් කුඩම්මගේ සැලකිලි ලැබුණු Wild Cook Book ලංකාවේ ජනප්‍රියම ඉවුම් පිහුම් නාලිකාව ලෙස පිදුම් ලබයි

ඊයේ රාත්‍රියේ නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ පැවැත්වුණු ලංකාවේ පළමු වතාවට ජනප්‍රිය සම්මාන පමණක් පිරිනමන එකම සම්මාන උළෙල වන “British Way Popular Awards” සම්මාන උළෙලේ දී ලංකාවේ ටෙලි නාට්‍ය, සිනමාව මෙන්ම සමාජ මාධ්‍ය අවකාශයෙහි ජනප්‍රියතම පුද්ගලයින් සඳහා සම්මාන පිරිනැමුණා.

ඒ අතර මේ වන විට මිලියන හයකට ආසන්න ලංකාවේ වැඩිම අනුගාමිකයන් ප්‍රමාණයක් සිටින “Wild Cook Book” යූ ටියුබ් නාලිකාව You Tube අවකාශයේ ජනප්‍රියම ඉවුම් පිහුම් නාළිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණා.

Wild Cook Book නාළිකාව කරන චරිත් ද සිල්වා කියන්නේ මේ වන විට සමාජ මාධ්‍ය අවකාශය තුළ බොහෝ ලෙස කතා බහට ලක් වන්නෙක්. එම අවකාශයෙහිම චරිත්ට පෙර ඉවුම් පිහුම් නාලිකාවක් කළ “අපේ අම්මා” යූ ටියුබ් නාලිකාව චරිත් ලැබූ අසාමාන්‍ය ජනප්‍රියත්වය සමඟ ඔහුට එරෙහිව විටින් විට විවිධ චෝදනා එල්ල කිරීම එම කතාබහට හේතුවයි.

කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ එවැනිම තවත් ඉවුම් පිහුම් පිළිබඳ නාලිකාවක් වන “Anoma Kitchen” චරිතගේ සම්මානය පිළිබඳ බෙහෙවින් අගයමින් සමාජ මාධ්‍ය වෙත මෙවැනි සටහනක් එක් කර තිබුණේ හිතේ කිසිම කිළිටක් නැතිවයි. ඇගේ එම නිහතමානී අගයකිරීම බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට හේතු වී තිබෙනවා.

“ඊයෙ නෙළුම් පොකුණ රඟහලේ පැවති “British Way Popular Awards” සම්මාන රාත්‍රියේදී YouTube Popular Cooking Channel එක සඳහා චැනල් 5 තේරිලා තිබුනා. “Wild Cook book” කරන චරිත් ද සිල්වා පුතාට තමයි සම්මානය ලැබුනෙ.

අනිවාර්යයෙන් එයාට ඒ සම්මානෙ හිමි වෙන්න ඕනේ. චරිත් පුතාව හමු උනා. සුභ පතලා අපි එයා ගැන හරිම ආඩම්බර වෙනවා කියලා කිව්වා.

පුතා, තව තවත් ඔබගේ වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා ආදරෙන් ප්‍රර්ථනා කරනවා.”

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...
error: Content is protected !!