ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච් සායිඩ් (Zuhair M.H Zaid) ගාසා තීරයේ පවතින ගැටුම් සහ ඊශ්‍රායල හමුදා විසින් සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන සාකච්ඡා කරන අතරතුර කඳුළු සලමින් හඬනු අයරු දක්නට ලැබුණා.
ගාසා තීරයේ දිනෙන් දින ඉහළ යන මරණ සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ආගමික නායකයන් ඊයේ
තානාපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙසේ කඳුළු සැලූ බවයි වාර්තා වුණේ.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මෑත සතිවල ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් ළමුන් සිය ගණනක් ඇතුළු සිවිල් වැසියන් 4,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.