ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය හමු වීමත් සමඟ ඉරාන ජනාධිපති ඇතුළු එහි ගමන් ගත් සියලුම දෙනා ජීවිතක්ෂයට පත් වී ඇති බව එහි රාජ්‍ය රූපවාහිනිය තහවුරු කර තිබෙනවා.
අනතුරට ලක් වූ ස්ථානය සොයා ගැනීමත් සමඟම හෙලිකොප්ටරයේ සිටි මගීන් අතර ජීවය පිළිබඳ කිසිදු සලකුණක් අනාවරණය වී නොමැති බව ඔවුන් මේ වන විට වාර්තා කර තිබෙනවා.
“ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබෙනවා. අවාසනාවකට මෙන්, සියලුම මගීන් මිය ගොස් ඇතැයි සැක පළ කරන බව ගලවා ගැනීම් මෙහෙයුම්වල සිටින නිලධාරීන් වාර්තා කළ බව රොයිටර් පුවත් සේවය ද මේ වන විට වාර්තා කර තිබෙනවා