කොළඹ මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශයට පත්වූ X-Press Perl නෞකා අනතුරට පසු මෙරට බලධාරියෙකු අල්ලසක් ලබා ගෙන ඇතැයි තමන්ට තොරතුරු ලැබුණු බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බව ද හෙතෙම පැවසීය.
ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් එංගලන්තයේ එම පුද්ගලයාගේ නමින් ඇති ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු ලැබුණු බවත් ඔහු සිංහල නමක් ඇති පුද්ගලයෙක් බවත් අදාළ ගිණුම් අංකයක් එම ගනුදෙනුවේ අංකයත් තමන්ට ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මෙම සිදුවීම පොලිස්පතිවරයාට, රහස් පොලීසියට බාරදී ඇති බවත් ඒ පිළිබඳව දැන් පරීක්ෂණ සිදු කරමින් ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා,