උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පානදුර රෝහලට ඇතුළත් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන කළමනාකාර සහකාරවරයෙක් කැනියුලාවක් මගින් සිදු වූ විෂබීජයක් ආසාදනය වීම හේතුවෙන් මිය යෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් ඊයේ (13) වාර්තා වී තිබේ.
මියගිය පුද්ගලයා සති දෙකකට පමණ පෙර ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකළ කැනියුලාව ආසාදනය වී විෂබීජ ශරීරගතවී ඇති බව තවදුරටත් වාර්තා වෙයි.
පසුව පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු හෘද රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරු කර යැවීමට වෛද්‍යවරුන් උත්සාහ කර තිබේ. නමුත් එහිදී ඔහු මියගොස් ඇත.
මරණයට හේතුව කැනියුලාවෙන් සිදුවූ විෂබීජ ආසාදනයක් වන්නට ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරයි.