කැලෑ වැදිලා.. ආගිය අතක් නැතිවුන.. පොහොට්ටුව, අපිට කිසිම අභියෝගයක් නොවේ. – හිටපු ජනපති මෛත‍‍්‍රීපාල

නව රජයක් වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවීමට සියලු පක්‍ෂ වෙත විවෘතව ආරාධනා කරන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (31) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

තම පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට සමීපව කටයුතු කරන සහෝදර වාමාංශික දේශපාලන පක්‍ෂවලට සහ එහි නායකයන්ට, මන්ත්‍රීවරුන්ට ඒ සඳහ ආරාධනා කර ඇතැයිද පැවැසූ හිටපු ජනාධිපතිවරයා කැලෑ වැදිලා.. ආගිය අතක් නැතිවුන.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට කිසිදු අභියෝගයක් නොවන බවත්, එම පක්‍ෂයට කිසිදු ජනතා කැමැත්තක් නැතැයිද පැවැසීය.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...