ගමට අධිකරණ බලය ගෙන යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අනුකූලයි – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ වගන්ති එක්කම පෙන්නයි

ජනතා විමුක්ති පෙරමුණට හෝ එහි නායකත්වයට දේශපාලන වශයෙන් එල්ල කිරීමට විවේචනයක් නොමැති හෙයින් භාවිත කරනු ලබන වචනවල උක්ත ආඛ්‍යාත සෙවීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ සහ සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ එකම රාජකාරිය වී ඇති බව නීතිඥ සුනිල් වටවල මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත මහතා විසින් මැයි දිනයේ දී සිදු කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන දිගින් දිගටම මඩ ප්‍රහාරයක් එල්ල කරමින් සිටින්නේ ඒ අනුව බව ඔහු සඳහන් කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ජනතා විමුක්ති පෙරමුණේ (LNPP)නීතිඥයන් අද (10) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුර දීයි.

සමස්ත කතාවේ අර්ථය වෙනුවට උපුටා ගත් කොටස් කිහිපයක අර්ථය එළියට දමමින් සමස්ත කතාවේ අර්ථය වෙනස් කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.

“ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි පැහැදිලිවම කියනවා මේ නීති රාමුව වෙනස් විය යුතුයි. අපේ ආණ්ඩුවක් යටතේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් පැමිණිය යුතුයි කියලයි අපි කියන්නේ.

අපි විශ්වාස කරනවා ගමේ මිනිහගේ සරල ප්‍රශ්ණ ටික බේරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය අධ්‍යයනය කරලා ගමේ මිනිහට සාධාරණයක් වෙන විදියේ ක්‍රමයක් අපි හදනවා. ඒක විය යුතුයි.

අධිකරණ බලය ගමට ගෙන යන කතාවේ මතු වෙන එක තැනක් තියෙනවා. ලාල් කාන්ත සහෝදරයාගේ කතාවේ සමස්ත අර්ථය ගත්ත නම් හරි. ඒ අස්මස්ථ අර්ථය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක වගන්තියක තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්ගන්තිය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය. ඒ අර්ථයෙන් අධිකරණයත් ජනතාවගෙන් ලැබුණු බලය මත ක්‍රියාත්ම්ක වෙන එකක්. ඒක උපදින්නේ එතනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියෙන්.

මහේස්ත්‍රාත් අධිකරණයටත් පහළින් ක්‍රියාත්මක වන ඒකක කිහිපයක් තියෙනවා.
සමථ මණ්ඩලය ගත්තොත් යම් අධිකරණ බලයක් තියෙනවනේ.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...