චීනයේ බලපෑම පිළිබඳ කරදර වෙන්න එපා. ජනපති රනිල් බටහිර රටවල බලවතුන්ගේ මූණටම කියයි

ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය අතර Aukus ආරක්ෂක ගිවිසුම “වැරදීමක්” බව ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය බරින් පීඩිත දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව කෙරෙහි චීනයේ බලපෑම පිළිබඳ බටහිර රටවල් පළ කරනු ලබන කණස්සල්ල ප්‍රතික්ෂේප කර ඇතැ‍යි වාර්තා වේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව නිව් යෝර්ක් හි පැවති ජාත්‍යන්තර සාමය සඳහා වන Carnegie Endowment for International Peace විසින් සංවිධානය කරන ලද උත්සවයකදීය.

ඔහු පැවසුවේ Aukus ආරක්ෂක ගිවිසුම, එක් රටකට එනම් චීනයට එරෙහිව ගෙන ගිය හමුදා සන්ධානයක් බවයි.

“මම හිතන්නේ එය උපායමාර්ගික වැරදි පියවරක්. ඔවුන් වැරැද්දක් කළා. මම හිතන්නේ එම සන්ධානය අනවශ්‍ය එකක් ලෙසයි” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2021 සැප්තැම්බර් මාසයේදී නිර්මාණය කරන ලද Aukus එහි සාමාජික රටවල රජයන් විසින් විස්තර කරනු ලබන්නේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන, කෘත්‍රිම බුද්ධිය, ක්වොන්ටම් තාක්ෂණයන් සහ අතිරේක මුහුද යට හැකියාවන් පිළිබඳ තොරතුරු සහ තාක්ෂණය බෙදාගැනීම සම්බන්ධ ආරක්ෂක හවුල්කාරිත්වයක් ලෙසිනි.

ජනාධිපතිවරයා මෙහිදී “ඉන්දු පැසිෆික්” යන යෙදුමට සිනාසෙමින් මෑතකදී නිර්මාණය කරන ලද භූ උපායමාර්ගික කලාපය “කෘතිම රාමුවක්” ලෙස හඳුන්වනු ලැබුවේය.

“ඉන්දු-පැසිෆික් යනු කුමක්දැයි කිසිවෙකු දන්නේ නැහැ,” ඔහු පැවසීය.

නේටෝව ආසියාවට ව්‍යාප්ත කිරීම ගැන ඔහු කියා සිටියේ ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ගත් කල, අපට කිසිදු මිලිටරි ක්‍රියාකාරකමක් අවශ්‍ය නැති බවත් කලාපයේ බොහෝ රටවල කිසිමට තැනක නේටෝව අවශ්‍ය නොවනු ඇති බවත්ය.

“ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය” පිලිබඳ චෝදනා සමග චීනයේ ණය දීමේ ක්‍රියාදාමයන් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සාකච්ඡාවට බඳුන් වී ඇති නමුත් සඳුදා සිය දේශනයේදී ඔහු ඉන්දීය සාගර කලාපය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බටහිරට එතරම් අවබෝධයක් නොමැති බවට චෝදනා කළේය.

ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරක් පවත්වාගෙන යාමට කොළඹ බීජිං නගරයට ඉඩ දෙන බවට පළ වූ වාර්තා ද ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළේය.

හම්බන්තොට යනු චීන රජයට අයත් චයිනා මර්චන්ට් සමූහය විසින් පවත්වාගෙන යනු ලබන වාණිජ වරායක් බවත්, වරායේ ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු බවත් ඔහු වැඩිදුරටත් පැවසු බව සඳහන් වේ.

Latest News

More like this

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...