ජනාධිපති ක්‍රීඩා ඇමති කැඳවයි.. තනතුර ගැලවෙන ලකුණු!

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් කැබිනට් සාමූහිකත්වය කඩවන ආකාරයට කටයුතු කර ඇති බව සඳහන් කරමින් එළඹෙන සඳුදා (07) දින තමා හමුවී ඒ සම්බන්ධව නිදහසට හේතු දක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අද (04) ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ ආකාරයට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කැබිනට් සාමුහිකත්වය කඩකර ඇති බවට චෝදනා ලබා ඇත්තේ පසුගිය කැබිනට් සාකච්ඡාවක ඇතිවූ කතා බහක් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක පැවසීම හේතුවෙනි.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ පවතින වියළි කාලගුණය හමුවේ ජලාශ සතුව ඇති ජලය වගා කටයුතු සඳහා මුදානොහැරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධව තමන් ගොවි පුතකු ලෙස කම්පා වන බවය. එසේම ජලය නිකුත් නොකිරීම හේතුවෙන් ගොවිතැන් කටයුතු රැසක් අඩපණ වන බවත් රුපියල් මිලියන ගණනක හානියක් ඒ හමුවේ සිදුවන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

කෙසේ නමුත් කැබිනට් ස්ථාවරය වී ඇත්තේ මේ මොහොතේ විදුලි බල උත්පාදනය සඳහා ඇති සීමිත ජල ප්‍රමාණය වගාවන් වෙත මුදාහැරියහොත්, ජල විදුලි බල උත්පාදනයට බාධා ඇතිවන බවය. එවැනි තත්වයක් ඇති වුවහොත් දිනකට පැය ගණනාවක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවීමේ අවධානමක් මතුවන බැවින්, සීමිත ජල ප්‍රමාණය රැකගෙන, ගොවීන්ගේ වගා හානි සඳහා සහන සැළසීමටය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අමාත්‍යවරයා ගේ ක්‍රියාකලාපය සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇති පාර්ශව පෙන්වාදී ඇත්තේ, කැබිනට් මණ්ඩලය තුළ කුමන වාද විවාද මතවාද පැවතියද අවසන් තීන්දුවක් ගැනීමෙන් පසුව එය කැබිනට් මණ්ඩලය ගනුලැබූ සාමුහික තීන්දුවක් විය යුතු බවය. නමුත් අමාත්‍යවරයා වගකිවයුතු අමාත්‍යවරයකු ලෙස හිතාමතා රජයත් කැබිනට් මණ්ඩලයත් අපහසුතාවට පත්වන ආකාරයට එම කැබිනට් සාමුහිකත්වය උල්ලංඝනය කර, මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇති බවත් ඔවුන් එහිදී පෙන්වාදී තිබේ.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...