තරුණයෙක් පැහැරගත් ඩිෆෙන්ඩර් රථය හිරුණිකාගේ

ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සිදු කළ කළු පැහැති ඩිෆෙන්ඩර් රථයේ ලියාපදිංචි අයිතිකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බව කොළඹ මහාධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා ඊයේ (14) පැවසුවා.

එම රථය භාවිත කරමින් තරුණයා පැහැර ගත්තේ යැයි කියන පුද්ගලයින් අට දෙනෙකු නඩුවේ චෝදනා පිළිගනිමින් වරද භාර ගෙන ඇති බව ද කොළඹ මහාධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළා.

එබැවින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි විභාග වන මෙම නඩුව සඳහා එම සාක්ෂි නැවත කැඳවීම අවශ්‍ය නොවන බවත් විත්තිය එම කරුණු පිළිගන්නේ නම් නඩුව කඩිනමින් විසඳීමට හැකි බවත් බණ්ඩාර මහතා පෙන්වා දී තිබෙනවා.

කොළඹ මහාධිකරණය විසින් ඔක්තෝම්බර් මස 4 වනදා මෙම නඩුව යළි විභාගයට ගැනීමට දින නියම කළා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...