පසුගිය වසරේ පැවැත්වුණු T20 ලෝක කුසලානය අතර තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ඊයේ(18) විභාගයට ගත් අතර එය විදෙස් මාධ්‍යවල ප්‍රධාන පුවත් සිරස්තලයක් බවට පත් වුණා.
සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේ දී විභාගයට ගත් නඩුවට පෙනී සිටීම සඳහා ධනුෂ්ක ආවේ තනියෙන් නොවන බවත් ඒ වාර්තාවල සඳහන් වුණා. ඔහු අධිකරණයට ඇවිත් තිබුණේ අනන්‍යතා හෙළි නොකළ සුදු ජාතික තරුණියක් සමඟයි.
ධනුෂ්කට එරෙහිව දූෂණ චෝදනා එල්ල කළ තරුණිය සාක්ෂි ලබා දීම් සිදු කළේ වීඩියෝ සබැඳියක් හරහා බවයි වාර්තා වුණේ. ඇය එම වීඩියෝවෙන් පසුගිය වසරේ ඔක්තෝබර් 29 වැනි දා ඇය ධනුෂ්ක හඳුනාගත් තැන සිට සිදු වු සියලුම දේ සවිස්තරාත්මකව අධිකරණය හමුවේ පැහැදිලි කර තිබුණා.
ඇගේ එම සාක්ෂි ජ්‍යාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබූ අතර එතැන් සිට දකින්න ලැබුණේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවලත් දවසේ ප්‍රධාන මාතෘකාවක් බවට එය පත්ව ඇති ආකාරයයි.
මේ අතර සියල්ලට ඉහළින් සියල්ල දකින හිරු නාළිකාව, මේ පුවත හා ඕස්ට්‍රේලියානු තරුණියගේ සාක්ෂි සටහන් ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් තුළ භාවිත කර තිබුණේ ඉතාම නින්දිත ආකාරයටයි.
එය මේ වන විට සමාජ මාධ්‍ය අතර විවේචනයට ලක් වී තිබෙනවා. අතවරයට ලක් වූ බව කියන තරුණියගේ ප්‍රකාශ එකින් එක වෙන වෙනම හඬ කවා ඔවුන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙහි විකාශ කරමින් අදාළ සිදුවීම සජීවීව විස්තර කර තිබුණේ අසභ්‍ය පුවත්පතක් එය සිදු කරන ආකාරයටයි.
එය දරුවන් ඉදිරියේ හෝ පවුලේ සාමාජිකයන් එකට සිට නැරඹීමට අපහසු ප්‍රවෘත්තියක් බවට පත් කිරීමට හිරු සූක්ෂමව කටයුතු කර තිබුණා.
බොහෝ දෙනෙක් පවසන්නේ එය අසභ්‍ය පුවත්පතක් හෝ වීඩියෝවක් නැරඹුවා හා සමාන බවයි. අදාළ තරුණිය නැවත වතාවක් අතවරයට ලක් කිරීමක් ඒ තුළ වූ බවයි.
සිය ප්‍රවෘත්ති විකාශයන් රේටින්වල ඔසවා තැබීම සඳහා හිරු මෙලෙස නින්දිත ලෙස ක්‍රියා කර තිබුණු බව පෙනීයයි. හිරු මාධ්‍ය සදාචාරය හෝ ආචාර ධර්මයන් නොහඳුනන බව අපි දනිමු. එහෙත් ඔවුන්ට රටේ සංස්කෘතිය සදාචාරය ගෞරවය මේ කිසිවක් අදාළ නොවීම බරපතල තත්ත්වයක් බව පැවසිය යුතුයි.



සම්බන්ධ පෙර පුවත්
ධනුෂ්ක ගුණතිලකගේ අතේ එල්ලිලා උසාවි ආව සුදු ජාතික තරුණිය ඔහුගේ අලුත්ම පෙම්වතිය ද?