සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතා බහට ලක් වූ කාන්තාවකට අමානුෂික ලෙස පහර දුන් දෙදෙනා අත්අඩංගුවට

සමාජ මාධ්‍යවල දැඩි ලෙස හෙළා දකිනු ලැබූ තරුණියකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවට අදාළව KD Express ආයතනයේ ආයතනයේ කළමනාකාර කසුන් මධුසංඛ නමැත්තා සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.

කඳාන, නාගොඩ, ආනියකන්ද පාරේ පිහිටි පෞද්ගලික ආයතනයකදී පසුගිය ඔක්තෝම්බර් 3 වනදා මෙම සිද්ධිය සිදුව ඇති බව කඳාන පොලීසිය සඳහන් කරයි.

පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ පොලිස් හදිසි ඇමතුම් අංක 118 ට ලැබුණු තොරතුරක් මතයි.

ඒ අනුව ඊයේ රාත්‍රියේ කඳාන පොලිසිය විසින් මෙම සැකකරුවන් නාගොඩ ලිප්ටන් පාරේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු පහරකෑමට ලක්වූ කාන්තාවගේ සමීපතම ඥාතියෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.

සැකකාර සැමියා සහ බිරිඳ ආනියකන්ද ප්‍රදේශයේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ වෙළඳාම් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පහරකෑමට ලක්වූ කාන්තාව වසර 3ක පමණ කාලයක සිට මෙම ඥාති නිවසෙහි රැඳී සිට අදාළ ආයතනයේ සේවය කරන බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පහරකෑමට ලක්වූ කාන්තාව මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර නැත්තේ සැකකාර යුවළ ඥාතීන් වීම හේතුවෙනි.

කෙසේ වෙතත්, සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය සහ රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට තීරණය කර ඇති බව ද පොලිසිය පවසනවා.

Latest News

More like this

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...