ඩොලර් 62,500කට කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය දෙයි..

පස් අවුරුදු පාඨමාලා සඳහා ඩොලර් 62,500 ක සම්පූර්ණ ගෙවීමක් සමඟ ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලය විදේශ සිසුන් සඳහා වෛද්‍ය උපාධි පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වනු ලබන දේශීය උසස් පෙළ විභාගයට සමාන විදේශීය විභාගයකදී ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයයන් සඳහා අවම වශයෙන් සම්මාන (C) සාමාර්ථ 2ක් සහ සාමාන්‍ය (S) සාමාර්ථයක් ලබා ඇති සිසුන් සඳහා වෛද්‍ය උපාධිය විවෘත වෙන බවයි වාර්තා වෙන්නේ.

උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසුවේ දේශීය උපාධි පාඨමාලාවේ විදේශීය සිසුන් 500 දක්වා ඉහළ නැංවීම රජයේ සැලසුම බවයි.

“පසුගිය වසරේ අපට විදේශීය සිසුන් 165 ක් සිටියා,එහෙත් KDU (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය) සතුව ද ධාරිතාවක් ඇති බැවින් අපට විදේශීය සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා වසරකට සිසුන් 500 ක් ඉලක්ක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නීති පීඨයටත් විදේශ ශිෂ්‍යයන් වැඩි කරන්න අපි උත්සාහ කරනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...