හෙට කොළඹට ලක්ෂ පහකට අධික සෙනඟක් ඒවි

ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සංවිධාන හෙට (මැයි 01) පවත්වනු ලබන මැයි දින සැමරුම් සඳහා කොළඹ මහ නගර සීමාවට ලක්ෂ පහ ඉක්මවා ගිය පිරිසක් පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන කොළඹ පැවැත්වෙන මැයි රැළි සඳහා දැනටමත් මුදල් ගෙවා වෙන් කර ඇති බවයි.

දේශපාලන පක්ෂ වලට අමතරව නිදහස් වෙළඳ කලාප සංගමය, බැංකු සේවක සංගමය ඇතුළු තවත් සංවිධාන ගණනාවක්ම මැයි දින සැමරුම් පවත්වන අතර මීට සමගාමීව තවත් පක්ෂ සහ සංවිධාන කිහිපයක් කොළඹ නගර සීමාව තුළ මැයි දින සැමරුම් පැවැත්වීමට අවසර ලබා ගෙන තිබෙනවා.

මැයි දිනයට සමගාමීව දිවංගත රණසිංහ ප්‍රේමදාස, ටී.බී. ඉලංගරත්න, ඒ.ඊ. ගුණසිංහ යන මහත්වරුන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකරන බව ද ඇය පැවසුවා.

සාමාන්‍යයෙන් දිනකට ලක්ෂ 6ක් පිරිසක් කොළඹට ඇතුල්වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...