චන්ද්‍රිකා දැඩි ප්‍රතිපත්තියක

එළැඹෙන ජනාධිපතිවරනයේ දී කිසිදු දේශපාලන පක්ෂ හෝ ස්වාධීන අපේක්ෂයකු වෙත සහයෝගය නොදක්වා සිටීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තීරණය කර තිබෙනවා.

ඇය මේ බව අනාවරණය කරනු ලැබුවේ අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දීය.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සිය ස්ථාවරය අත්තනගල්ල කොට්ඨාශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුම්වත් කිරීම සඳහා හිටපු ජනාධිපතිවරිනිය ක්‍රියාකාරීන් පිරිසක් කැඳවා මෙම තීරණය දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

එහි දී ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙමු යැයි යෝජනා කර තිබෙනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ පිළිබඳ අදහස් දක්වමින් මෙවර ජනාධිවරණයේ දී තමා කිසිදු අපේක්ෂකයකුට සහයෝගය ලබා නොදෙන බවත් ශ්‍රී ලාංකික නිදහස් පාක්ෂිකයන්ට කැමති අපේක්ෂකයකු වෙත සහයෝගය ලබා දිය හැකි බවත් ඒ පිළිබඳ තමාගේ කිසිදු විරෝධයක් නොමැති බව ද මෙහි දී සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...