මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරන ‘හිරු’ නාළිකාවට අවවාද

හිරු මාධ්‍ය ජාලය මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව පවසමින් මැතිවරණ කොමිසම අවවාදාත්මක ලිපියක් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ සමයක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිසම හදුන්වා දී තිබෙන මාධ්‍ය උපමාන හිරු මාධ්‍ය ජාලය විසින් නොතකා හැර ඇති බව එම ලිපියෙහි සඳහන්.

එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් වන බැවින් වහාම ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙස මැතිවරණ කොමිසම එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

එම ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සිය ගුවන් කාලයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කර තිබෙන බවයි.

ඊට අමතරව, පත්තරේ විස්තරේ වැනි වැඩ සටහන් හරහා අනෙකුත් අපේක්ෂකයන්ට අපහාස වන ලෙස අදහස් ප්‍රකාශ කරන බවත් හිරු මාධ්‍ය ජාලයට එල්ල වී තිබෙන ප්‍රධාන චෝදනා අතරෙන් කීපයක්.

අධිකරණයේ දැනට විභාග වෙමින් පවතින නඩු කටයුතු සම්බන්ධයෙන් පවා මාධ්‍ය සදාචාරයට පටහැනිව අදහස් ප්‍රකාශ කරන බවද ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සියළු කරුණු පිළිබදව සිය ලිපියේ සදහන් කර තිබෙන මැතිවරණ කොමිසම, මේ කරුණු පිළිබදව වහා සැලකිලිමත් වී නිවැරදි මාධ්‍ය භාවිතයක යෙදෙන ලෙසයි හිරු මාධ්‍ය ජාලයට අවවාද කර තිබෙනවා.

“පොදු සංඛ්‍යාත සහ පොදු ගුවන් කාලයන් තුළ තමාට රිසි පක්ෂ ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් පක්ෂයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම” සිදු කරන බව එම ලිපියේ දක්වා තිබෙනවා.

“එවන් පසුබිමක් තුළ ඔබ ආයතනය විසින් ඉහත සඳහන් පරිදි වැඩසටහන් විකාශය කිරීමක් සිදුකරන්නේනම් එය පොදු සංඛ්‍යාත සහ පොදු ගුවන් කාලයන් අවභාවිතා කිරීමක් වන අතර එමගින් ඡන්ද විමසීම අතරතුර බලපැවැත්වෙන නීතී උල්ලංඝනය කිරීමක් වන බවද අවධාරණය කරමි. එබැවින් ඉදිරියේ දී මෙවැනි පැමිණිලි ඉදිරිපත් නොවන ආකාරයට ඔබගේ සංඛ්‍යාත හා ගුවන් කාලය භාවිතා කරන ලෙසට දන්වන අතර ඔබගේ වැඩිදුර දැනගැනීම සඳහා ඉහත සඳහන් මාධ්‍ය උපමාන ගැසට් පත්‍රයේ පිටපතක් මේ සමඟ යොමු කරමි” යි මැතිවරණ කොමසාරිස් ජෙනරාල සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!