මෛත්‍රීගේ සහාය කාට ද? තීරණය එයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකුට තමාගේ සහාය ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ අනුව ඇතැම් මාධ්‍යත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයිනුත් තමන් පිළිබඳව කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටලුව මේ වන විට අධිකරණය ඉදිරියේ පවත්නා බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණ බලතල පක්ෂයේ සභාපතිවරයා සතු බවයි.

එබැවින් වෙනත් කිසිදු නිලධාරියකු විසින් ගනු ලබන තීරණ හා පත්කිරීම් නීත්‍යානුකූල නොවන බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...