සමහර මාධ්‍ය ආයතනවලට පොලිස් ඇමතිකම වැදගත්.. සිරකරුවන්ට ජනාධිපති සමාව ගන්න.. ‘හිරු’ හොඳම එකෙන් අහගනී

එක්තරා මාධ්‍ය නාළිකාවක් ජාතික ජන බලවේගයේ පොලිස් ඇමති කවුදැයි දැන ගැනීමේ දැඩි උවමනාවකින් පෙළෙන්නේ සිර කරුවන් සඳහා ජනාධිපති සමාව ගැනීමට එම අමාත්‍යධුර අත්‍යාවශ්‍ය බව දන්නා නිසා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ පොලිස් ඇමති කවුදැයි යළිත් වතාවක් මාධ්‍යවේදියකු ඇමතූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“ඕක තාම අහනවද? SMS එක තාම ආවේ නැද්ද?” ඊට සිනහවකින් පිළිතුරු දුන් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

එක්තරා මාධ්‍ය නාලිකාවක් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ඔහු පැවසුවේ ඉන් අනතුරුවයි.

එහි දී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා..

“මං දන්නවා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගෲප් එකට මැසේජ් එකක් දාලා තියෙනවා මේ ප්‍රශ්ණය අහන්න කියලා. ඒ මැසේජ් එක මං ගාවත් තියෙනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අපිත් එක්කනේ දැන් ගොඩක් ඉන්නේ. ඒගොල්ලො පොලිස් ඇමතිකම අධිකරණ ඇමතිකම ගැන සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද ඒ අමාත්‍ය ධුර වැදගත් ජනාධිපති සමාව ගන්න සිරකරුවන්ට.”

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!