වෛද්‍යවරිය දූෂණය කර ඝාතනයට එරෙහිව ඉන්දීය වෛද්‍යවරු ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය අරඹයි

සෙනසුරාදා එනම් හෙට දිනයේ (17) අත්‍යවශ්‍ය සේවා පමණක් සපයන ලෙස රටපුරා මිලියනයකට අධික වෛද්‍යවරුන්ගෙන් ඉන්දියානු වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.

එය මෑත කාලයේ ඉන්දියාවේ විශාලම වැඩ වර්ජනය වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

වෛද්‍යවරු මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ කොල්කටා ප්‍රාන්තයේ වෛද්‍යවරියක් අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් විරෝධයක් පළ කරමිනි.

31 හැවිරිදි වෛද්‍යවරිය නැගෙනහිර කොල්කටා නගරයේ ඇය සේවය කළ වෛද්‍ය විද්‍යාලයේ රුධිරයෙන් තෙත් වූ ඇතිරිල්ලක් මත මියගොස් සිටියදී සොයා ගැනුණා.

ඇය පැය 36 ක වැඩ මුරයක පැය 20 කට ආසන්න කාලයක් සේවය කිරීමෙන් පසු විද්‍යාල දේශන ශාලාවේ කෙටි නින්දකට අවතීර්ණ වී සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බව R G Kar වෛද්‍ය විද්‍යාලයේ කාර්ය මණ්ඩලය රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යාම වැලැක්වීමට නීති අපොහොසත් වීම පිළිබඳ  වෛද්‍යවරුන්ගේ සහ කාන්තා කණ්ඩායම්වල කෝපය විරෝධතාවලට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...