70, 80 අනුර කුඩා ළමයෙක්… මල්වතු මහා නායක හිමියෝ අනුරට ආශිර්වාද කරමින් කළ දේශනාව

“71, 80 සිහිපත් කරනවා. නමුත් ඔබතුමාලා ප්‍රජාතන්ත්‍රවාදීව ඇවිත් චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ 40 ක් විතර හිටියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. ඉතිං එතකොට චෝදනාවක් නෑ. දැන් තමයි. මගේ හිතේ හැත්තෑගණන් වෙනකොට ඔබතුමාලා ඉපදිලත් නැතුව ඇති” යැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ සඳහන් කළා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ නාමයෝජනා භාර දීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා උන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේ දීය.

එබැවින් එම කතා නොතකා ඉදිරියට ගමන් කරන්නැයි මල්වතු මහ නාහිමියෝ අනුර වෙත උපදෙස් ලබා දී තිබුණා.

‘ශ්‍රී ලංකා පක්ෂයේ හිටිය කරුණලා… පිල්ලෙයාන්ලා.. එතකොට මුකුත් නෑ කතා. දැන් තමයි’

මෙවර ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් අනෙකුත් ප්‍රධාන පක්ෂවලින්ම තරගයට ඇතුළත් කරන අය වන අතර එවැනි අපේක්ෂකයකු ඇතුළත් නොකළ එකම පක්ෂය අපේ පක්ෂය බව අනුර මෙහි දී මහ නාහිමියන් වෙත මෙහිදී දන්වා සිටියා.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...