එක පෙළට වතු නිවාස 17 ක් ගිනි ගනී

පුඬළුඔය – සීන්වත්ත වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (17) රාත්‍රීයේ  ඇති වූ ගින්නක් හේතුවෙන් වතු නිවාස 17 ක් විනාශයට පත් වුණා.

ඉන් නිවාස 08ක් මුළුමනින්ම විනාශයට පත්ව ඇති අතර තවත් නිවාස 09කට දැඩි හානි සිදුව තිබෙනවා.

එක් නිවසක මෙම ගින්න හටගෙන ඇති අතර පසුව එය ශීඝ්‍රයෙන් නිවාස පෙළටම ව්‍යාප්ත වී ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නෙන් පදිංචිකරුවන්ගේ දේපළ රැසක් ද විනාශයට පත්ව ඇති අතර ගින්න පාලනය කිරීමට පුඬළුඔය පොලීස් නිලධාරීන් සහ වතු කම්කරුවන් දැඩි වෙහෙසක් ද දරා තිබෙනවා.

පොලිසිය පවසන්නේ එම නිවාසවල පදිංචිව සිටි පවුල් 27ක පුද්ගලයන් 87 දෙනෙකු මේ වනවිට අවතැන්ව සිටින බවයි.

අවතැන් වු පිරිස අතර ගැබිණි මව්වරුන් තිදෙනකු හා මාස නවයක් වයසැති කුඩා දරුවකුද සිටින බව සඳහන්.

අවතැන් වු සියළු දෙනා මේ වනවිට ෂීන් වත්තේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක තාවකාලිකව නවතා තිබෙනවා.

පුඬළුඔය – ෂීන්වත්ත වතුයායේ පිහිටි එම වතු නිවාස පෙළ නිවාස 24කින් සමන්විත වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!