එක පෙළට වතු නිවාස 17 ක් ගිනි ගනී

පුඬළුඔය – සීන්වත්ත වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (17) රාත්‍රීයේ  ඇති වූ ගින්නක් හේතුවෙන් වතු නිවාස 17 ක් විනාශයට පත් වුණා.

ඉන් නිවාස 08ක් මුළුමනින්ම විනාශයට පත්ව ඇති අතර තවත් නිවාස 09කට දැඩි හානි සිදුව තිබෙනවා.

එක් නිවසක මෙම ගින්න හටගෙන ඇති අතර පසුව එය ශීඝ්‍රයෙන් නිවාස පෙළටම ව්‍යාප්ත වී ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නෙන් පදිංචිකරුවන්ගේ දේපළ රැසක් ද විනාශයට පත්ව ඇති අතර ගින්න පාලනය කිරීමට පුඬළුඔය පොලීස් නිලධාරීන් සහ වතු කම්කරුවන් දැඩි වෙහෙසක් ද දරා තිබෙනවා.

පොලිසිය පවසන්නේ එම නිවාසවල පදිංචිව සිටි පවුල් 27ක පුද්ගලයන් 87 දෙනෙකු මේ වනවිට අවතැන්ව සිටින බවයි.

අවතැන් වු පිරිස අතර ගැබිණි මව්වරුන් තිදෙනකු හා මාස නවයක් වයසැති කුඩා දරුවකුද සිටින බව සඳහන්.

අවතැන් වු සියළු දෙනා මේ වනවිට ෂීන් වත්තේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක තාවකාලිකව නවතා තිබෙනවා.

පුඬළුඔය – ෂීන්වත්ත වතුයායේ පිහිටි එම වතු නිවාස පෙළ නිවාස 24කින් සමන්විත වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...