ගාසා හි පළමු පෝලියෝ රෝගියා වාර්තා වේ

ගාසා තීරයේ ඩේර් අල්-බාලා නගරයෙන් පළමු තහවුරු කරන ලද පෝලියෝ රෝගියා හඳුනාගත් බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසනවා.

පෝලියෝ එන්නත් මාත්‍රාවක් ලබා නොගත් මාස 10 ක් වයසැති ළදරුවෙකුගෙන් වෛරසය හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඒ අනුව වසර 25 කට පසු ගාසා තීරයෙන් වාර්තා වූ පළමු පෝලියෝ රෝගියා වන්නේ එම බිළිඳායි.

ගාසා තීරයෙන් මෙසේ පෝලියෝ රෝගය වාර්තා වී ඇත්තේ මාස 11 ක් තිස්සේ ඇදීයන ඊශ්‍රායල-හමාස් යුද්ධයට විරාමයක් ලබා දෙමින් ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට පෝලියෝ එන්නත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්  අවධාරණය කර දින කිහිපයකට පසුය.

ජුනි මාසයේදී භූමියේ අපජලයෙන් එකතු කරන ලද සාම්පලවල 2 වර්ගයේ පෝලියෝ වෛරසය අනාවරණය වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ බව අනාවරණය කර තිබුණා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!