ඉන්දියාවේ නගර දෙකක සියලුම සුපිරි වෙළැඳසැල් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනයක්

ඉන්දියාවේ ගුරුග්‍රාම් සහ නොයිඩා හි සාප්පු සංකීර්ණවලට අද (අගෝස්තු 17) උදෑසන බෝම්බ තර්ජන බියක් එල්ල වීමෙන් පසු එම සාප්පු සංකීර්ණවලින් ජනතාව ඉවත් කිරීමට හා සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා.

ගුරුග්‍රාම් හි ප්‍රධාන සිවිල් ආරක්ෂක කණ්ඩායමේ ප්‍රධානියකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පොලිසියේ දිස්ත්‍රික් පරිපාලන ඒකකයට ගුරුග්‍රාම් හි සියලුම වෙළඳ සැල් ඉලක්ක කර උදෑසන10 ට පමණ වන විට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට විද්‍යුත් තැපෑලෙන් තර්ජනාත්මක පණිවිඩයක් ලැබුණු බවයි.

ඊමේල් පණිවුඩය ලැබීමෙන් පසු පොලිසිය සියලුම සාප්පු සංකීර්ණවල සෝදිසි මෙහෙයුම් ආරම්භ කරනු ලැබූ බව සඳහන්.

  පොලිසිය, සුනඛ සංචිතය, සිවිල් ආරක්ෂක කණ්ඩායම එම සෝදිසි කිරීම්වලට එක්ව සිටියා.

Latest News

error: Content is protected !!