දකුණේ බලකොටු අනුරට හැරෙන දවස අද… මංගල රැළි 3 ක්

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, ඒ මහතාගේ මංගල ජනරැලිය අද (17) පස්වරු 04.00 ට ආරම්භ වන්නේ දකුණු පළාතේ තංගල්ල පුරවරයෙනි. 

එමෙන්ම අද දිනයේදී දකුණු පළාත ඉලක්ක කර තවත් ජන රැලි දෙකක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ, පස්වරු 05.00 ට මාතරදී සහ පස්වරු 06.00 ට ගාල්ලේදී වශයෙනි.

“රට අනුරට – රුහුණ පෙරට” මැයෙන් පැවැත්වෙන මෙම ජන රැලි සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විධායක සභිකයින් සහ පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...