උතුරු පළාතේ පරිපූරක වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු සඳහා අසාමාන්‍ය බඳවා ගැනීමක්.. රවී කුමුදේශ්ලා මැතිවරණ කොමිසමට කියයි

උතුරු පළාත් සභාවේ රෝහල් හා සෞඛ්‍ය ආයතන යටතේ ඇති පරිපූරක වෛද්‍ය සේවාවේ තනතුරු වල පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් පදනමින් වෘත්තිකයන් බඳවා ගැනීමේ හදිසි උත්සහයක් පිලිබඳ වාර්තා වී ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම් අංශයේ සේවය කරනු ලබන Rajeev G Moorthy නම් තැනැත්තාගේ Facebook ගිණුමෙහි උක්ත කරුණට අදාලව සිදු කරන ලද දැනුවත් කිරීම අනුව මෙම පැමිණිල්ල සිදු කරන බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිසම වෙත යොමුකර ඇති ලිපියෙහි සඳහන්.

ඊට අදාල වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබූවද එම අවස්ථාවේදී එතුමා විසින් දක්වන ලද අයහපත් ප්‍රතිචාරය හමුවේ මෙම පැමිණිල්ල යොමු කරන අතර ඊට අදාල කඩිනම් මැදිහත්වීම සිදු කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

පරිපූරක වෛද්‍ය සේවාවට අදාල උපාධිධාරීන් වාර්ෂික විශ්වවිද්‍යාල වලින් පිටවන අතර පවතින සේවා අවශ්‍යතාවය අනුව හා පවතින පුරප්පාඩු සංඛ්‍යාව මත මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් බඳවා ගැනීම් සිදු කරනු ලබන බව ද එම ලිපියෙහි දැක්වෙනවා.

නිලධාරී හිඟය මත උතුරු පළාත් සභාව තුළ පරිපූරක වෛද්‍ය සේවයට අදාළ වෘත්තීන්ගේ සේවා අඩාලවීම් තත්ත්වයක් පවතින්නේ නම් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අදාළ අංශ දැනුවත් කළ යුතු වුවත් මෙතෙක් එවැනි දැනුම් දීමක් සිදු කර නැති අතර කොන්ත්‍රාත් පදනමින් වෘත්තිකයන් බඳවා ගැනීමේ අසාමාන්‍යතාවක් පෙන්නුම් කරන බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!