අවසාන විධායක ජනාධිපති අනුර.. විධායක බලතල පාර්ලිමේන්තුවට

ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

එයද ඇතුළත් ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ක්ෂේත්‍ර හතළිහක් ආවරණය වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 26 වැනිදා එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළා.

පාර්ලිමේන්තුවට විධායක බලතල පවරමින් සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් නව ආණ්ඩුව යටතේ බිහි කරන බවද ඔහු කියා සිටියා.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද පැවසූ ඔහු යහපත් රාජ්‍ය පාලනය, වංචා දූෂණ නතර කිරීම හා ජාතිවාදය නතර කිරීම ඇතුළු කරුණුවලට මෙහි ප්‍රමුඛකත්වය ලබා දී ඇතැයිද ඔහු ප්‍රකාශ කළා.

රටේ ආර්ථිකය මුළුමනින්ම යථාවත් කිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධානය යොමු කර ඇති බවත් කෘෂිකර්මය, කර්මාන්ත, ධීවර, වැවිලි හා ආයෝජනය ආදී ක්‍ෂෙත‍්‍රවලින් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්නද එහිදී අවධාරණය කරන බවද කියා ඒ මහතා වැඩි දුරටත් පැවසුවා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...