අනුර අමරපුර නිකායේ මහනාහිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගනී

ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ වැල්ලවත්ත ගාලුපාරේ මහ සංඝ සභා ලේකම් කාර්යාලයේදී ශ්‍රී  ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති අතිපූජ්‍ය මාගල්ලේ නාගිත මහනාහිමි හමුවුණා.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය අහංගම මෛත්‍රීමූර්ති නාහිමි, අමරපුර සද්ධම්මයුත්තික මාතර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය බැරගම විමලබුද්ධි නාහිමි, රත්මලාන ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය රත්මලානේ රාහුල නාහිමි
ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටියා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!