ඇවිත් මගේ දෙපැත්තෙන් ඉඳගන්න..සජිත්ටත් අනුරටත් රනිල් ආරාධනා කරයි

ඉන්ධන ගෑස් හා විදුලිය නැතුව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීමට ඉදිරිපත් නොවී සජිත් හා අනුර සැඟවී සිටියේ කොහේද යන්න හෙළිදරව් කළ යුතු බවට ඊයේ (17) අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති සිය මංගල රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

එම ප්‍රශ්ණයට පිළිතුරු දීමට අසමත් නම් පැමිණ තමාගේ අසුනේ දෙපැත්තෙන් අසුන් ගන්නා ලෙස ජනාධිපතිවරයා පවසා සිටියා.

ඉන්ධන ගෑස් හා විදුලිය යන ප්‍රශ්ණ තුනටම තමන් සාර්ථක පිළිතුරු ලබා දුන් බව ඔහු පැවසුවා.

රටේ ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ රට භාර ගැනීමට ඉදිරිපත් නොවූයේ කුමන හේතුවක් මත ද යන්න පැහැදිලි නොකර විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකක නායකයින් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔවුන් දෙදෙනාටම සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඔහු අවධාරණය කර සිටියා.

හිටපු ආමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා මෙම අවස්ථාවේ ජනාධිපතිවරයාට සහාය දක්වමින් එක්වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක මන්ත්‍රීවරු එකම වේදිකාවක දැකගත හැකි වීම ද කැපී පෙනෙන සිදුවීමක් වුණා.

 

Latest News

error: Content is protected !!