IMF සමඟ නැවත සාකච්ඡා කරන්න යන්නේ සුනිල් හදුන්නෙත්තිද? නැත්නම් හර්ෂ ද සිල්වා ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමි වී නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඊයේ (21) පැවති හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

තමන් ජනාධිපති ධූරයට පත්වුවහොත් ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන බව අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරු පවසනවා. එවැන්නක් සිදු කිරීමට ගියහොත් රටක් වශයෙන් අපට මුහුණදීමට සිදුවන ප්‍රතිවිපාක මොනවාදැයි වෘත්තියවේදියකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළා.

“එවිට ඔබේ සමාගම ඈවර කිරීමට සිදුවෙයි. එපමණයි සිදු වන්නේ. මොකද අපට ආර්ථිකයක් අවශ්‍යයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, චීන එක්සිම් බැංකුව සහ තවත් රටවල් 17ක් සමඟ මේ වන විටත් ගිවිසුමකට එළැඹ තිබෙනවා. සාකච්ඡා කර ඇති මෙම රාමුව තුළ සිටිමින් අප දැන් සිවෛරි බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන් අපට මිණුම් දඬු සකස් කර දී තිබෙනවා.

ඒ වගේම අප ඉන්දියාව සහ අනෙක් රටවල් පැරිස් සමාජයට ගෙන සාකච්ඡා කළා. චීනය වෙනම සම්බන්ධීකරණය කර නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ සාකච්ඡා කළා. මෙම සාකච්ඡා සියල්ල සම්පූර්ණ වී ඇති නිසා දැන් එම යාන්ත්‍රණය තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට අපට ලබාදිය හැකි සහන පිළිබඳ අප එකඟතාවය පළ කළා.එක්සිම් බැංකුවෙන් ලැබෙන සහන නිල ණය හිමියන්ගේ කමිටුවෙන් ලැබෙන සහන වලට වඩා වෙනස්. ස්වෛරි බැඳුම්කර හිමියන් සම්බන්ධයෙන් ගත් විට, ඔවුන් ලබා දෙන
සහන වෙනස් වෙනවා. ඇතැම්අය පොලි ගෙවීම් අඩු කරනවා. අනෙක් අය ආපසු ගෙවීම් කාල රාමුව දීර්ඝ කරනවා. මේ සියල්ල එක්ව ගතහොත් හරියට විවිධ තැන්වලින් කෑම ගොඩක් ලැබෙන කුඩා දරුවෙකු වගෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන්න යන්නේ සුනිල් හදුන්නෙත්තිද? නැත්නම් හර්ෂ ද සිල්වා ද?

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරන්ද, ඉංජිනේරුවන්, කොන්ත්‍රාත්කරුවන් ඇතුළුසංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!