නව වෙනි ජනාධිපති ලෙස සිංහල,දෙමළ,මුස්ලිම් සියලු දෙනාට සමානව සැලකීමට සූදානම්

ලබන මාසයේදී තමා නැවත වරක් මෙරට ජනාධිපති ධුරයට තේරී පත්වුවහොත් රටේ සියලු ජාතීන්ට එක හා සමානව සලකන බවත් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතිය ගැන සිතා කටයුතු කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා නැගෙනහිර අක්කරෙයිපත්තුව නගරයේ ජනතාව හමුවේ ප්‍රකාශ කළා.

“මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන විට මා ගැන නොසිතා ඔබේ අනාගතය ගැන සිතන්න” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ  අක්කරපත්තුවේ දී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම් අතාවුල්ලා ප්‍රමුඛ ජාතික කොංග්‍රසයේ 20 වැනි සමුළුව අමතමිනි. 

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා..

“මම සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාවට සමානව සැලකීමට කටයුතු කරමි.. වසංගත සමයේ බලහත්කාරයෙන් ආදාහනය හරහා මෙරට මුස්ලිම් ජනතාවට අසාධාරණයක් සිදු වුණා. මගේ රජයෙන් එය සිදු නොකළත් මම මේ සඳහා සමාව අයැද සිටියා. ඒක කළේ වෙන ආණ්ඩුවක්. ඒ නිසා අපිට සමාවෙන්න ඕන. බලහත්කාරයෙන් ආදාහනය කිරීමෙන් විපතට පත් මුස්ලිම් ජනතාවට වන්දි ලබාදීමටත් අපි සූදානම්. පුද්ගලයෙකුගේ අවසන් අයිතිවාසිකම් ඉටු කළ යුතු ආකාරය පිළිබඳව තීරණය කිරීමට ඇති අයිතිය සහතික කිරීම සඳහා නීති සම්පාදනය කරන ලෙස මම අමාත්‍ය අලි සබ්රිගෙන් ඉල්ලා තිබෙනවා.”

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...