බොරු කියනකොට හොඳ මිනිහාට තරහා යනවා.. සටනේ හටන ගැන දිගම්බරම් කට අරී

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන වැඩසටහනක් අතරතුර දී පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්ට පහර දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම නිසා තමා කෝපයට පත් වූ බව පී.දිගම්බරම් මන්ත්‍රීවරයා පවසනවා.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කළ මොවුන් දෙදෙනාගෙන් කුමාර් මහතා පසුගියදා එයින් ඉවත් වී ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ අතර දිගම්බරම් මහතා සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබුණා.

“වේලු කුමාර් මහත්මයා මට බොරු චෝදනා කරපු නිසා මට තරහ ගියා. බොරු චෝදනා එල්ල කරන විට හොඳ මිනිසුන්ට තරහා යනවා.”ඔහු පවසා තිබෙනවා.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් එය යම් පාර්ශවයක් කලින් සැලසුම් කරන ලද සිදුවීමක් බව පවසමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබෙනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් විකාශය කරන ලද සජීවී දේශපාලන දේශපාලන වැඩසටහනක් අතරතුර වේලු කුමාර් සහ දිගම්බරම් යන මන්ත්‍රීවරුන් අතර මෙම ගුටි බැට හුවමාරුව සිදුව තිබුණා.__tpx__

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!