ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙක් අල්ලයි

ක්ලබ් වසන්ත හෙවත් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා ඝාතනනයේ එක් වෙඩික්කරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් ඊයේ (23) අත් අඩංගුඅවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත් වුණේ 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නමැත්තාය.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී වන අතර අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා වන වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා නමැති සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම මත එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළා.

සැකකරුවන් සමග ටී-56 ගිනිඅවියක්, උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් ද සොයාගත් බව සඳහන්.

__tpx__

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...