ජර්මනියේ ප්‍රසංගයකට ප්‍රහාරයක්.. ඝාතකයා පැන යයි නගරයම භීතියෙන්..

බටහිර ජර්මනියේ සොලින්ගන් නගරයේ පැවති උත්සවයකදී සිදු කළ පිහි ඇනුමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

සිකුරාදා එරට වේලාවෙන් රාත්‍රී 10 ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම පිහි ඇණුම සිදු කළ අතර අපරාධකරු තවම සොයා ගැනීමට පොලිසිය සමත් වී නැහැ.

ජර්මනියේ වඩාත්ම ජනාකීර්ණ හා නෙදර්ලන්තයට මායිම්ව පිහිටි නෝර්ත් රයින් වෙස්ට්පේලියා ප්‍රාන්තයේ සොලින්ගන් නගරයේ 650 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ජර්මනියේ මාරාන්තික පිහි ඇනුම් සහ වෙඩි තැබීම් සාපේක්ෂව දුර්ලභය.

“අපේ නගරයට ප්‍රහාරයක් එල්ල වීමෙන් මා කම්පනයට පත් වුණා. අපට අහිමි වූ අය ගැන සිතීම දරාගන්න බැරිවේදනාවක්.”සොලින්ගන් නගරාධිපති Tim-Oliver Kurzbach නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

තවමත් තම ජීවිත වෙනුවෙන් සටන් කරන සියලු දෙනා වෙනුවෙන් මම යාච්ඤා කරනවා.

ප්‍රහාරය එල්ල වූයේ සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුරදීය.අපරාධකරු කොටු කර ගැනීමට මේ වන විටත් නගරය පුරා පුළුල් සෝදිසි කිරීම් සහ වැටලීම් සිදුකර ඇති බව පැවසෙනවා.

“විවිධත්වයේ සැණකෙළිය” නමින් නම් කර තිබූ එම උළෙල සිකුරාදා ආරම්භ වූ අතර එය නගරයේ 650 වැනි සංවත්සරය සැමරීම සඳහා සති අන්තයේ දීර්ඝ උත්සවයක් ලෙස එය සැලසුම්කර තිබුණා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!