මීළඟ ජනාධිපතිවරයා පිළිබඳ කතෝලික රදගුරු සමුළුවේ කැමැත්ත ප්‍රකාශ වේ

දූෂණය හා ඒ ආශ්‍රිත දුර්ගුණ මුලිනුපුටා දැමීමට අවශ්‍ය ක්‍රම වෙනස සිදුකිරීම සඳහා බුද්ධිමත් සහ නිර්භීත නායකයකු ශ්‍රී ලාංකීය ජාතියට අවශ්‍ය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කර තිබෙනවා.

එහිදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඒ සදහා මීළග නායකයා ඥානාන්විතව තෝරාගැනීමට සියලු පුරවැසියන් හට අවශ්‍ය ප්‍රඥාව ලැබෙනු සදහා භක්තියෙන් යාච්ඤා කරන ලෙස සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන්.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු ත්‍රීත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය යන්න සිය දැඩි විශ්වාසය බව එම නිවේදනයේ දැක්වෙනවා.

දිවයිනේ ප්‍රධාන ආගම් හතරේ සාරධර්ම මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති අනුව ජනතාවගේ සංස්කෘතික ආචාරධර්මවලට ද ගරු කරමින් රට පාලනය කරන නායකයෙකු තෝරාපත්කරගැනීම සදහා ඡන්දය පාවිච්චි කරන ලෙස ද ලංකා කතෝලික රදගුරු සමුළුව එම නිවේදනයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!