25,000 කින් වැටුප් වැඩි කිරීම් වැනි ආකර්ශනීය ඡන්ද ගුණ්ඩු අපි දෙන්නේ නැහැ.. නාමල්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව පමණක් නොව මේ රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ද රජය බැඳී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව තෘප්තිමත් කරනවාට වඩා ජනතාව රැකබලා ගැනීමට රජය බැඳී සිටිනවා යැයි රාජපක්ෂ මහතා පැවසුවේ යක්කල පැවති ජන හමුවකදීය.

“අපි මේ ජාතියට ආදරය කරන කණ්ඩායමක්. අපි අඩු වරප්‍රසාදලත් අයට සම්බන්ධයි. අපි අපේ සංස්කෘතියට පන්සලට බැඳිලා ඉන්නවා. මේ රටේ ජනගහණය ආරක්‍ෂා කිරීමේ අපේ වගකීම අපි තේරුම් ගෙන තිබෙනවා.

රටේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය කළ යුතු බව අපි විශ්වාස කරනවා. දරුවන්ට උසස් අධ්‍යාපනයේ යෙදීමට අවස්ථාව ලබාදිය යුතුයි. වෘත්තීය පුහුණුවට යන්න කැමති අයටත් ඒ අවස්ථාව දිය යුතුයි. අද ලෝකයට අවශ්‍ය නිපුණතා ඇති පුද්ගලයින් බිහිකිරීම ගැන අපි විශ්වාස කරනවා.

ඒ වගේම අපි විශ්වාස කරනවා විදේශ ආයෝජන ගෙන්වා ගත යුතුයි කියලා. අපි ආයෝජක හිතකාමී ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. සාමාන්‍ය පුරවැසියන්ට අධික බදු බරක් දැරීමට සිදුවෙලා. සාධාරණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. අපේ පරිපාලනය මේ ප්‍රතිපත්තිය කලින් කලට වෙනස් කරන්නේ නැහැ.”

රාජ්‍ය සේවක වැටුප් රුපියල් 25,000 කින් වැඩි කිරීම වැනි ආකර්ෂණීය ප්‍රතිපත්ති ලබාදී කිසිවකු ජනතාව රැවටිය යුතු නැති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

“මැතිවරණ මත පදනම් වූ ප්‍රතිපත්ති අනුගමනය නොකළ යුතුයි. වැටුප් වර්ධකය උද්ධමනයට අනුරූප විය යුතුයි”

රාජ්‍ය සේවකයින්ට තාක්ෂණික කුසලතා පුහුණු කළ යුතු බව ද ඔහු කියා තිබෙනවා.

වැඩිදුරටත් ඔහු මෙහිදී පොරොන්දු වී ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවලට ඔහුගේ පාලනයකදී අනිවාර්යයෙන් විසදුම් ලබා දෙන බවයි.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!