ඉන්දීය බුද්ධි අංශ වාර්තාවකට අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය වාර්තාවක් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වාර්තාවෙන් පෙන්වා දී තිබුණේ විවිධ ක්‍රම ඔස්සේ කරන ලද රහසිගත සමීක්‍ෂණය අනුව අනුර කුමාර දිසානායක මහතා අති විශාල බහුතර බලයක් ලබා ගනිමින් ජයග්‍රහණය ලබා ගැනීමට නියමිත බවයි.
සමීක්ෂණ ප්‍රතිඵලය ට අනුව අනුර ඔහුගේ අනෙකුත් ප්‍රතිවාදීන් අභිබවා පුළුල් මහජන සහයෝගයක් ලබා දී ඇති බව පවසා තිබුණා.
ඊට ප්‍රතිවිරුද්ධව එම වාර්තාව යෝජනා කර තිබුණේ සමගි ජන බලවේගය සඳහා වන සහයෝගය පහත වැටීමකි.
සජබ සාමාජිකයින් කිහිප දෙනෙකු නැවතත් එක්සත් ජාතික පක්ෂය වෙත සහයෝගය ලබා දීමත් සමඟ සැලකිය යුතු වෙනසක් නිරීක්ෂණය ඇතැයි වාර්තාවේ දැක්වෙනවා.
මේ පිළිබඳ අදහස් පල කළ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු තමන් ද එම වාර්තාව නිරීක්ෂණය කර ඇති මුත් එය මුළුමනින්ම පදනම් විරහිත වාර්තාවක් යැයි පවසා තිබෙනවා.