ඉන්දියානු සිනමාවේ සංගීත අධ්‍යක්ෂණයට සනුකට වරම්

අල්ලපු රටේ සිනමාව සංගීතයත් එක්ක වැඩක් කරන එක අපිට හීනයක් වුණු කාලයක් තිබුණා.

ඒත් මේ පුංචි දූපතෙන් එළියට යන්න බලාගෙන මහන්සි වුණු කැපවීම් කරපු අලුත් අත්හදාබැලීම් කරපු නව පරපුර ඒ හීනය ටික ටික සැබෑ කරගමින් ඉන්නවා කියන එක දැන් දැන් තහවුරු වෙමින් තියෙනවා.

ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ මන්ජිත් දිවාකර්ගේ (Manjith Divakar) සිනමා පටයක සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න අවස්ථාවක් සනුකට ලැබීම ඒ දුර හීනයට තවත් එක් පියවරක්.

චිත්‍රපටයේ නම “KAAMA”

ඉන්දියානු දමිළ චිත්‍රපටයක් වන එහි ගීත පද රචනය පොතුවිල් අස්මින්ගෙ.

සනුක වික්‍රමසිංහට අමතරව සිබු සුකුමාරන් ද (SIBU SUKUMARAN) එහි සංගීත අධ්‍යක්ෂණය කරන බව සඳහන්.

ඒ පිළිබඳ ඔහු තැබූ ෆේස්බුක් සටහන මෙසේය.

”ඉන්දියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ “Manjith Divakar” ගේ “KAAMA” ඉන්දියානු දමිළ චිත්‍රපටයට,

චිත්‍රපට ගීත සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වීමට මා හට අවස්ථාව ලැබුණු බව සතුටින් සහ ඉතාම නිහතමානීව ඔබ සමඟ මෙලෙස බෙදාගනිමි.

මෙහි චිත්‍රපට ගීත පදරචනය, “පොතුවිල් අස්මින්”..

මගේ පවුලේ සැම, යහලු යෙහෙළියන්, රසික රසිකාවියන් ඇතුළු මට ශක්තියක් වන සියලුමදෙනාට මගේ හර්දයාංගම ස්තූතිය සහ ආදරය පුදකරමි…

සණුක වික්‍රමසිංහ ”

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...