තැපැල් ඡන්දය පෙනි පෙනී රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කළ ආණ්ඩුවට වැඩ වරදී

2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් සහ දීමනා වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ඊයේ (03) හිමිවූ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ආසන්නයේ තිබියදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට රජය ගත් තීරණය දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

එය බලපෑම් කිරීමේ උත්සාහයක් බවයි මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලීම් කර තිබෙන්නේ ඒ අනුවයි.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා දැකීමට තම විරෝධයක් නොමැති බව පවසන පැෆ්රල් සංවිධානය එම ලිපියෙන් වැඩි දුරටත් පවසන්නේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට දින දෙකකට පෙර මෙම නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරන ලෙසයි.

එම ලිපියෙන් පැෆරල් සංවිධානය සිහිපත් කර ඇත්තේ රජයේ සේවකයන් රු. 10000 වැටුප් වැඩිවීමක් මාස දෙකකට පෙර ඉල්ලා සිටි අවස්ථාවේ ආණ්ඩුව එයට සම්පූර්ණයෙන් විරුද්ධ වු බවයි.

තවද, රජයට අවම වශයෙන් ලබන වසරේ ජනවාරි සිට මෙය ක්‍රියාත්මක වන විට මසකට රු. බිලියන 20ක් වැයවන බව එම සංවිධානය පෙන්වා දෙනවා.

රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ එම තීරණයේ ශක්‍යතාව පැෆ්රල් සංවිධානය ප්‍රශ්න කර තිබෙනවා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!