රාජ්‍ය සේවයට වැටුප් වැඩි කළ ආණ්ඩුවට සජබයෙනුත් ලෙඩක් වැටේ

ජනාධිපතිවරණය ආසන්නයේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන බව ප්‍රකාශයට පත්කිරීම හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය ජාතික මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් යොමුකර තිබෙනවා.

2025 ජනවාරි 1 වන දින සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අඩුම මට්ටමින් 24% කින් වන පරිදි සියලුම රාජ්‍ය සේවා වෘත්තිකයන් සඳහා 24% සිට 50%. දක්වා වන පරිදි ඉහළ නංවන බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇති බව මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් සමගි ජනබලවේගය පෙන්වා දෙනවා.

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ද වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය නිලධාරීන් සඳහා යෝජනා කරන ලද දේශපාලන දිරිගැන්වීම් ලැයිස්තුවක් මෙම ලේඛනයේ දක්වා ඇති බව ද සමගි ජන බලවේගය එම ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි කාලය අද (2024 සැප්තැම්බර් 4 වැනි දින) ආරම්භ වන පසුබිමක් තුළ මෙම දිරිදීමනා ලැයිස්තුව පැහැදිලිවම ජනාධිපති මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බවයි සමගි ජනබලවේගය පෙන්වා දෙන්නේ.

එබැවින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අදාළ මාධ්‍ය නිවේදනය මගින් මැතිවරණ නීති උල්ලංඝණය වන බවට ප්‍රකාශයක් කරන ලෙසත්, ඊට වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ජනපතිගේ මාධ්‍ය නිවේදනය වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස පවසන ලෙසත් සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!