JVP මිනින්දෝරුවන් උරුමය වැඩසටහන කඩාකප්පල් කළා..

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ජාතික ජන බලවේගයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් කණ්ඩායමක් හේතුවෙන් කඩාකප්පල් වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කර තිබෙනවා.

මිනින්දෝරුවන් විසින් මාස හයක් වැනි කාලයක් තිස්සේ සිදු කරමින් පවතින වර්ජනය ඒ සඳහා හේතු වී ඇතැ‍යි ඔහු පෙන්වා දුන්නා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (02) කැකිරාවේ පැවති “පුලුවන් ශ්‍රී ලංකා” ජනරැලිය අමතමින්.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා…,

“මේ වසරේ මාර්තු මාසේ ඉදලා මාස 6 ක් වැඩ වර්ජනයක. කැඩැස්තර සිතියම් 2 ක් මාස 6 කට නිකුත් කරලා නැ. ඔබ දන්නවද ඇයි මේ වැඩ වර්ජනය පටන් ගත්තේ කියලා.ජනාධිපතිතුමා පටන් ගත්තත් පුංච් ඔබතුමන්ලා වෙනුවෙන් උරුමය සින්නකර ඔප්පු ලබා දිමේ වැඩ සටහන උරුමය දිගෙන දිගෙන යද්දි ඒ දැන ගත්තා ඒ අයට කරුමයක් පාත් වෙනවා කියලා. ඔබේ අතට ඔප්පුව ලැබෙත්දි ඒ අය කලබල උනා ඒ නිසා මාස හයක් වර්ජනය කරලා ඔබේ අතට ඔප්පු දෙන්න එන අවස්ථාව අද වෙනකන් මගහැරලා තියනයා. ඒකට නායකත්වය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරන මිනින්දොරු සංගමයේ සභාපති .අපි කියන්න ඔනි මේ වගේ වැඩ කරන්න එපා කියලා. ”

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...