පෙම්වතුන් හමුවෙන්න,හොයාගන්න වැටුප් සහිත නිවාඩුවක්

පෙම්වතෙක් පෙම්වතියක සොයා ගැනීමට හෝ dating app මඟින් සොයා ගන්නා පෙම්වතුන් හමුවීමට සිය සේවකයින්ට ඉඩ සලසමින් තායිලන්තයේ සමාගමක් වැටුප් සහිත නිවාඩුවක් අනුමත කර තිබෙනවා.

මෙම අපූරු නිවාඩුව සිය කාර්ය මණ්ඩලය වෙත ප්‍රදානය කළේ තායිලන්තයේ Whiteline Group නම් සමාගමකි.

Tinder leave ලෙසින් හඳුන්වා දී ඇති මෙම නිවාඩු තම සේවකයන්ට වාර්ෂික නිවාඩු හෝ අසනීප නිවාඩු වැනි වැටුප් සහිතව ලැබෙන නිවාඩු ආකාරයෙන් ලබාගත හැකි බවයි සමාගම පසුගිය දා නිවේදනය කළේ.

ජුලි මාසයේ සිට සිට දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය මගින් ආයතනයේ සේවකයින්ට මෙම නිවාඩු දිනයේදී dating app භාවිතා කිරීමට සහ මිතුරු මිතුරියන් සොයා ගැනීමට අවස්ථාව හිමි වුණා.

ආයතනයේ වඩාත් හොඳින් සේවයේ නිරත වන සේවක සේවිකාවන්ට මාස හයක වැටුප් සහිත Tinder Platinum සහ Tinder Gold වශයෙන් ද නිවාඩු පහසුකම් ලබාදෙන බව ද Whiteline ආයතනය වැඩි දුරටත් නිවේදනය කර තිබෙනවා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...