2019 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කළ බවත් ගෝඨාභය මහතාගේ ජයග්‍රහණයේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බවත් සමග ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
තමන් ඒ වනවිටත් උතුර නැගෙනහිර පළාත ඇතුළු මුළු රටේම දැවැන්ත නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ බවත් සිය පරාජයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ එම ව්‍යාපෘති නවතා දැමූ බව ඔහු සඳහන් කළා.
එදා ජනවරම තමාට හිමිවූයේ නම් මේ වන විටත් විශාල සංවර්ධනයක් රට තුළ සිදුකර අවසාන බවත් එම සියල්ල කණපිට හැරවීමේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ මහතා බව ඔහු කියා සිටියා.
“ඔහු තමයි දේශපාලන කුමන්ත්‍රණ සිදුකරමින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරා රැගෙන ගියේ.රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ගෝලයෝ කියන්නේ මම නිවාස හදනවා කියා ජනතාව පාරට දැම්ම බව. මා බලයට පත් කළ පසු අවසන් නොමැති සියලු නිවාස ව්‍යාපෘති නිවාස සාදා අවසන් කර ඉඩම් නොමැති පවුල් සඳහා ඉඩම් ලබාදෙනවා කියා ප්‍රකාශ කරනවා.
හැමදාම රටේ ජනතාව දුප්පත්කමින් පෙලෙන්න බැහැ. දුප්පත්කමින් මිදෙන්න ඕනෑ. අපේ ඒ සඳහා පස් වැදෑරුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පරිභෝජනය, ආයෝජනය,ඉතිරි කිරීම නිෂ්පාදනය සහ අපනයනය යන පස් වැදෑරුම් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර එමගින් දුප්පත් ජනතාවට දුගීභාවයෙන් මිදෙන්නට මසකට රුපියල් විසි දහස ගානේ වසර දෙකක් ලබා දෙනවා.
මෙමගින් ජීවන උපාය ශක්තිමත් කරන්නට ඔබට හැකි වේවි. ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ තෙරපී සිටින අපේ ජනතාවට අප ශක්තිය ලබා දෙනවා. මේ මර උගුලෙන් ගොඩ එන්නට පාසල් සංවර්ධනයත් සමඟ සියලු පාසල් ස්මාත් පාසල් බවට පත් කරනවා කරනවා. පාසල් දරුවන්ට දිවා ආහාරය මෙන්ම අධ්‍යාපනයට ලබා දිය යුතු ප්‍රතිපාදන අප වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා වෙනවා වෙනවා. විශේෂයෙන් මේ ප්‍රදේශයේ වාරි පද්ධතිය දියුණු කරලා මහවැලියත් සමග එක්ව වාරි කර්මාන්තය නැති ප්‍රදේශවලට වාරි පද්ධති ලබා දී සංවර්ධනය කරමින් ගොවියාගේ වගානයත් කපා හරින්න අපි කටයුතු කරනවා.ඒවගේම ගොවියා වෙනුවෙන් කිලෝ පනහක පෝරමිටිය රුපියල් 5000කට ලබා දෙන්න කටයුතු කරනවා.