ජර්මන් සරසවියක ලාංකික සිසුවෙක් අබිරහස් ලෙස අතුරුදන්..

ජර්මනියේ මියුනිච් නගරයේ විශ්වවිද්‍යාලයක සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ශ්‍රී ලංකික සිසුවෙකු විශ්වවිද්‍යාලය ආසන්නයේ දිය ඇල්ලක නෑමට ගොස් අතුරුදන් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

මෙසේ අතුරුදන් වී ඇත්තේ ජර්මනියේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරනු ලබන මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ලසිත් යසෝද යසෝ ද කෲස් පුල්ලේ නමැති සිසුවෙකි.

කෙසේ වෙතත් සිසුවාගේ පවුලේ අය පවසන්නේ මෙම අතුරුදන් වීම අභිරහසක් බවයි.

සිය සොහොයුරා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කිළිනොච්චියේ තරුණයකු සහ සිම්බාබ්වේ ජාතික තරුණයකු සමග විශ්වවිද්‍යාලය ආසන්නයේ ඇති දිය ඇල්ලක නෑමට ගිය අවස්ථාවේ දියේ ගිලී අතුරුදන් වී ඇති බවට පැවසුණත් මෙම අතුරුදන්වීම අභිරහසක් බවට සාධක පෙනෙන්නට ඇති බව ලසිත්ගේ සහෝදරිය වන චමෝදි මිලේෂනී මාධ්‍ය වෙත කියා සිටියා.

එබැවින් සිය සොයුරාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස තමන් මේ ගැන විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කරන බව ඇය සඳහන් කළා.

කිසියම් පිරිසක් තම මල්ලි රහසිගතව සඟවාගෙන සිටින බවට තමන් තුළ තදබල සැකයක් පවතින බව ඇය අවධාරණය කර තිබෙනවා.

සිවිල් ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා තමන්ගේ මල්ලි මීට මාස පහකට ඉහතදී ජර්මනියට ගිය බවත් දියේ ගිලී අතුරුදන් වූවා යැයි කියන පසුගිය සිකුරාදා දිනයේ තමන්ට දුරකථනයෙන් කතා කළ බවත් ඇය පවසනවා.

විදෙස් ගත වීමට මුදල් සොයාගැනීමට උකස් කර තිබූ රන් භාණ්ඩ බේරා ගැනීමට තමන්ට රුපියල් ලක්ෂ පහ හමාරක මුදලක් එවන බව දුරකථනයෙන් කතා කළ අවස්ථාවේ දැනුම් දුන් බව ද ඇය සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!