වසර දෙකකින් රට ගොඩගත් නායකයා බව පවසමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කළ රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (09) සමග ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකරමින් ඔහුගේ ජනරැළියකට සහභාගි වුණා.
සජිත් ප්‍රමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරමින් මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට පැවති ජනරැළියට ඇය එක් වී සිටියා.
සමග ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහයෝගය පළ කරන බව ඇය එහිදී සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඇය වත්මන් රජයේ කාන්තා හා ළමා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසින් කටයුතු කරනු ලබයි.