රනිල් සමඟ රහස් ගණුදෙනු අපට නැහැ – AKD

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා හා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර රහසිගත ගණුදෙනුවක් පවතින බවට පළ වන ප්‍රකාශ සම්බන්ධයෙන් පුවත්පතක් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් අනුර කුමාර දිසානායක මහතා එවැනි කිසිදු ගණුදෙනුවක් නොපවතින බවත් සැබෑ ගණුදෙනුව ඇත්තේ රනිල් සහ සජබය අතර බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු එහි දී අවධාරණය කර ඇත්තේ දේශපාලනඥයන් කිහිප දෙනෙකු පවසන පරිදි වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ තමා අතර කිසියම් රහසිගත ගණුදෙනුවක් හෝ ඔහු සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට හෝ ඔහු සමඟ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පවතී නම් ජනාධිපති අපේක්ෂකයන් ලෙස එකිනෙකාට එරෙහිව තරග නොකරන බවයි. 

“ඇත්තටම මම දකින්නේ ඩීල් එක තියෙන්නේ වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර. මාව පරාජය කරන්න දෙන්නම එකතුවෙලා තියෙනවා. වික්‍රමසිංහ මට දිගින් දිගටම කතා කරන්නේ ‘ඔහුගේ මිතුරා’ ලෙසයි. අපි යාළුවෝ නෙවෙයි, නමුත් අපි දේශපාලන සටනක තරඟකරුවන්.”

තමන් පසුගිය කාලයේ වික්‍රමසිංහ මහතා හමුවී නැති බවත්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ ප්‍රචාරක කටයුතු කෙරෙහි අවධානය යොමු කළ බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

වික්‍රමසිංහ සහ සජබ කඳවුරු දෙකම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා මෙම රහසිගත ගණුදෙනුවක් පිළිබඳ කටකතා පතුරුවා හරින බව ඔහු පවසනවා.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!