2019 ගෝඨාභයගේ ඡන්ද ගණන 100%ක් නිවැරදිව කී තරුණයාගේ 2024 වාර්තාව එයි..

2019 ජනාධිපතිවරණයේ සමීක්ෂණ සිදු කර ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව නිවැරදිවම කී ඇඹිලිපිටියේ ප්‍රදීප් චානක 2024 ජනාධිපතිවරණය පිළිබඳ දිස්ත්‍රික්ක 22ක් අනාවරණය කළ පරිදි සිදු කල සමීක්ෂණයේ ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 22 හි සමස්ත ප්‍රතිඵලය අනුව 48%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන පෙරමුණේ පසුවන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාය.

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇත්තේ 31% ක ඡන්ද ප්‍රතිශතයක්.රනිල් වික්‍රමසිංහ මහතා 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන එම සමීක්ෂණ වාර්තාවේ තුන්වැනි ස්ථාන්යේ පසුවෙනවා.

නාමල් රාජපක්ෂ මහතා ලබාගෙන ඇත්තේ 2%ක ඡන්ද ප්‍රතිශතයක් වන අතර සෙසු අපේක්ෂකයින් සියලු දෙනා ලබා ගෙන ඇත්තේ 4% ක ඡන්ද ප්‍රතිශතයකි.

මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව 50% සීමාව ඉක්මවා යාමට කිසිදු අපේක්ෂකයකුට හැකියාව ලැබී නැති බව ද පෙන්නුම් කරයි.

ජනාධිපති අපේක්ෂකයින් සියලු දිස්ත්‍රික්කවල ලබා ගෙන ඇති ඡන්ද ප්‍රතිඵලය පහතින්

Latest News

More like this

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...

ඉස්ලාමාබාද් අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත...
error: Content is protected !!