රනිල් විශ්‍රාම යයි..?

මෙවර ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුවහොත් මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවැනි සැලසුම හෙවත් “Plan B” බව මීට සති කිහිපයකට පෙර “ලක්වාහිනී” අපි ප්‍රකාශ කළා.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු දේශපාලන ලෝකය නැවතත් උණුසුම් වුණේ ද රනිල් පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට සූදානම් වන බවට පළ වූ වාර්තා හේතුවෙනි.

අනුර කුමාර දිසානායක මහතාගේ දිවුරුම් දීමෙන් පසු ලැබුණු ආරංචි මාර්ගවලින් කියැවුණේ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගෙන අගමැති වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊළඟ ප්‍රයත්නය වී ඇති බවයි.

ඒ සඳහා විපක්ෂයේ සියලු දෙනා එකට එක්විය යුතු බවට ප්‍රකාශයක් ද ඔහු සිදු කර තිබුණා.

මෙම ප්‍රයත්නය අනුව යමින් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බව ද විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ අප වෙත සැල වුණා.

එම ආරංචි මාර්ගවලින් පැවසුණේ අනුර ජනාධිපති වී සිටිය දී රනිල් පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති බවට පත් වෙනු ඇති බවයි.

දේශපාලන විභවතාවයන් අනුව ද වැඩි ඉඩක් පවතින්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් වීමට බව එම ආරංචි මාර්ග ඔස්සේ සඳහන් වුණා.

ඊට හේතුව මෙය දේශපාලනික වශයෙන් ඔහුගේ විශ්‍රාම යෑමේ මොහොත නොවීමයි. එමෙන්ම ඒ සඳහා ඔහු සූදානම් වී නොසිටීමයි.

ඔහු ගෞරවනීය විශ්‍රාම ගැන්වීමක් සිදු කරන්නේ නම් එය කළ යුතුව තිබුණේ මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර බවයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වුණේ.

මන්ද යත් මෙය පරදින මැතිවරණයක් බව ඔහු හොඳාකාරවම දැන සිටි හෙයිනි.

එමෙන්ම ඔහු ජනාධිපති ධුරය අනුර දිසානායක මහතා වෙත භාර දුන් මොහොතේ යොමු කළ ලිපියෙන් ද කියැවුණේ ඔහු රටට අවශ්‍ය ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් පෙනී සිටීමට සූදානම්  බවයි.

“මගේ ඓතිහාසික දේශපාලන කාර්යභාරය පිළිබඳව මේ රටේ අනාගත පරපුර නිසි තක්සේරුවක් ලබාදෙන බව මට විශ්වාසයි. මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ දී බව මා දන්නවා.

බලය ඇතත් නැතත් තනතුරු ඇතත් නැතත් මේ රටේ ජනතාව මගෙන් ඉටු විය යුතු යුතුකම අදාළ අවස්ථාවේ දී කිසිදු පැකිලීමකින් තොරව මා විසින් ඉටු කරනු ලබනවා” එහි සඳහන් වුණා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සහ වජිර අබේවර්ධන වැනි ඔහුට සමීප දේශපාලනඥයින් මේ වන විට පවසන පරිදි රනිල් වික්‍රමසිංහ මහතා මෙම මහ මැතිවණයට තරඟ කරන්නේ නැහැ.

එපමණක් නොව හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බවත් නමුත් රටට අවැසි ඕනෑම මොහොතක අවශ්‍ය සහාය ලබා දීමට සූදානමින් සිටින බවයි ඔවුන් පැවසුවේ.

හිටපු ජනාධිපති රනිල් දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බව දැන් සහතිකය.

ඒ වෙනුවට ඔහු ඊළඟ මොහොත උදාවනතුරු කල් අරිනු ඇති බවයි එයින් පෙනී යන්නේ.

ඇතැම් විට එය බංගලාදේශයේ මුහම්මද් යුනුස් වෙත හිමි වූ ආකාරයේ බන්දේසියක තියා බලය පිරිනැමීමක් විය හැකි යැයි ඔහු සිතනවා වන්නට පුළුවනි.

ඔහුගේ අන්තිම ලියුමේ හරය ද එයට බොහෝ ළඟින් යන්නකි.

පෙර ලිපිය..
රනිල් ජනාධිපතිවරණ ගේම අතහරි.. අනුර ජනපති.. රනිල් අගමැති.. රනිල්ගේ ගේම පත්තුවේ..

Latest News

More like this

හිටපු ඇමති ටිරාන්ට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට පෙරේදා ඩුබායි...

කථානායකවරයා රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට එල්ලවන චෝදනාවට පිළිතුරු

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය...

ඩොලර් මිලියන 6.9ක් රටට පාඩු කළ චීන පොහොර මගඩිය ගැන විමර්ශන CIDය වේගවත් කරයි

ශ්‍රී ලංකාව සහ චීන සමාගමක් වන කිංඩාඕ සීවින් බයෝටෙක්...

කොතලාවල වෛද්‍ය පිඨයට සාමාන්‍ය සිසුන් 100ක් ඇතුළත් කර ගැනීම අනිවාර්ය කෙරේ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨය...
error: Content is protected !!