රනිල් ජනාධිපතිවරණ ගේම අතහරි.. අනුර ජනපති.. රනිල් අගමැති.. රනිල්ගේ ගේම පත්තුවේ..

ජනාධිපතිවරණය කිසිසේත් ජයග්‍රහණය කළ නොහැකි පසුබිමක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘ප්ලෑන් බී’ හෙවත් ඊළඟ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටින බව සමීප දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඔහු මේ වන විටත් ජනාධිපතිවරණ සටන අත්හැර ඇති අතර ඊළඟ සැලසුම ලෙස එළැඹෙන මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගනිමින් අගමැති ලෙස පත්වීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ පරාජයට පත්වන සජිත් ප්‍රේමදාස පිළේ මන්ත්‍රීවරුන් සමඟ මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගැනීම ඒ අනුව ජනාධිපතිවරයාගේ මීළඟ සැලසුම වී තිබෙනවා.

එම නිසා සජිත් පිලෙන් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන්ගේ පැමිණීම මේ වන විට වළක්වා ඇති අතර සජිත්ගේ පරාජයෙන් පසුව එම මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට සැලසුම් සකස් කර ඇත.

එමෙන්ම උතුරු නැගෙනහිර මුස්ලිම් සහ දමිළ ජනතාව මැතිවරණයකදී පාර්ලිමේන්තුවේ බහුතරය නොහොත් 113 සාදා ගැනීමට සාධකයක් වන බැවින් ඔවුන්ගේ සහය ලබා ගැනිමට මේ වනවිටත් කටයුතුකරමින් සිටි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ද අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමේ හැකියාවක් නැත යන පූර්ව නිගමනයේ සිට ඔහු එම සැලසුම ක්‍රියාත්මක කරමින් සිටියි.

මෑතක සිට සෑම ජන රැළියකදීම අනුර ඔසවා තබන ප්‍රකාශ සිදු කිරීම සහ මිත්‍රයා යැයි අනුරට නිතර නිතර ප්‍රකාශ කිරීම එම සැලසුම කරා පාර කපා ගැනීමේ ප්‍රයත්නයක් බවයි සැල වන්නේ.

අනුරට මේ වන විට පවතින ජනතා රැල්ල තව තවත් ශක්තිමත් කරමින් සජිත් දුර්වල කිරීම ඔහුගේ අරමුණ වී තිබෙනවා.

සජිත් දුර්වල වීම හමුවේ තව දුරටත් කළකිරීමට පත්වෙන ඔහු වටා සිටින එක්සත් ජාතික පක්ෂය හැර ගිය මන්ත්‍රීවරු තමා වෙත සමීප වෙනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.

දිගු කාලයක් ආණ්ඩු බලය ලබා ගැනීමට නොහැකි වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කෙසේ හෝ ඇමති ධුර ලබා ගන්නා චේතනාවෙන් ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්විමට පෙර සිටම වාර්තා වූවකි.

සමගි ජනබලවේගයේ බහුතරයක් තමාට සහයෝගය ලබා දේ යැයි ජනාධිපතිවරයා මුලදී දැඩි විශ්වාසයකින් සිටීමට ද එය හේතුවුණා.

කෙසේ වෙතත් සිතූ පරිදි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා වෙත එක් නොවුනු අතර ඔහුගේ මීලඟ ලොකුම බලාපොරොත්තුව එම කණ්ඩායම මහ මැතිවරණයේ දී තමා වෙත නතු කරගනිමින් එය ජයග්‍රහණය කිරීම බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

හිටපු ඇමති ටිරාන්ට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට පෙරේදා ඩුබායි...

කථානායකවරයා රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට එල්ලවන චෝදනාවට පිළිතුරු

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය...

ඩොලර් මිලියන 6.9ක් රටට පාඩු කළ චීන පොහොර මගඩිය ගැන විමර්ශන CIDය වේගවත් කරයි

ශ්‍රී ලංකාව සහ චීන සමාගමක් වන කිංඩාඕ සීවින් බයෝටෙක්...

කොතලාවල වෛද්‍ය පිඨයට සාමාන්‍ය සිසුන් 100ක් ඇතුළත් කර ගැනීම අනිවාර්ය කෙරේ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨය...
error: Content is protected !!